දේශීය

ඉන්දියාවෙන් පාසල් ළමුන්ට ලැබුණු තෑග්ග

මේ වසර සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

 

ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් මේ වසර සඳහා අවශ්‍ය සමස්ත පෙළපොත් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකියාව ලැබී ඇති බවය.

 

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව විසින් පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලබා දී තිබේ.

 

ආහාර, ඉන්ධන, ඖෂධ, කාර්මික අමුද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම ආධාර මුදල ඉන්දියාව විසින් පසුගිය මාර්තු මාසයේ ලබා දී තිබුණි.

 

එම අධාර මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10ක් වැය කර ඇත්තේ පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ කඩදාසි සහ අමුද්‍රව්‍ය ලබා ගැනිමට බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

 

ඒ අනුව මෙරට ලක්ෂ 40ක පමණ පාසල් සිසුන්ගෙන් සියයට 45ක පමණ ප්‍රමාණයකට පෙළපොත් මුද්‍රණය කිරීමට එම ආධාර මුදල ඉවහල් වී ඇත.

Related posts

සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

Editor O

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

කොවිඩ් වසංගතයෙන් පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

Leave a Comment