විදෙස්

රටවල් දෙකක් වැනසූ භූ කම්පනය – මරණ ගණන 40,000ට ආසන්න වෙයි

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 40,000කට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මීට සතියකට පෙර තුර්කි සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යමින් පවතී.

 

මේ අතර දෙරටේම මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් වෙමින් ඇත්තේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ව නිරුපද්‍රිතව මුදාගැනීමට ඇති හැකියාව අවමවීම හේතුවෙනි.

 

ඒ අනුව භූ කම්පනය සිදුවූ පෙදෙස්වල සුන්බුන් ඉවත් කිරීමට මේ වනවිට බලධාරීන් කටයුතු කරමින් සිටියි.

 

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට සිරියාවට ඇතුළුවීමට ඉඩ සැලසීමේ අරමුණින් සිරියානු දේශසීමා දෙකක් විවෘත කිරීමට සිරියානු රජය එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

 

ඒ, යුද්ධයෙන්ද බැටකෑ තමන්ට මෙම ව්‍යසනයට මුහුණ දීමේදීද ප්‍රමාණවත් තරම් සහායක් නොලැබෙන බවට සිරියානු වැසියන් එරට රජයට චෝදනා කරන පසුබිමකය.

 

ඒ අනුව විවෘත කෙරුණු දේශසීමා, මාස තුනක කාලයක් විවෘතව තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment