දේශීය

ඉන්දියානු සමාගමකට දුන් ව්‍යාපෘතිය ගැන ඇමති බන්දුල වාර්තාවක් ඉල්ලයි

සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

 

මෙම මාර්ගයේ වව්නියාව සහ අනුරධපුරය අතර ඉදිකිරීම් කටයුතු ඉන්දියානු සමාගමකට ලබා දී ඇති අතර එම සමාගම තවත් සමාගම් කිහිපයකට උප කොන්ත්‍රාත් ලබා දී තිබේ.

 

එම උප කොන්ත්‍රාත් ලබා ගත් සමාගම් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ට සහ වෘත්තීය සමිති වල සාමාජිකයින්ට අයත් බව වාර්තා වේ.

 

මේ තත්ත්වය යටතේ මෙම ව්‍යාපෘතියට ලබා දී ඇති උපකරණ අස්ථාන ගතවීම් සිදුව ඇති බව සඳහන් වේ.

Related posts

පුත්තලමට බලපෑ තද සුළඟකින් නිවාස 245කට හානි

Mohamed Dilsad

සදුදා පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

Leave a Comment