දේශීය

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (07) රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුව ඇති බවය.

 

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

එලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

වෙඩිතැබීම සඳහා ටී 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට හා විදේශගතව සිටින අයෙකු විසින් එම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කෙරේ.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

එජාප තනතුරු වල වෙනසක්

Mohamed Dilsad

පළාත් ප්‍රධාන ලේකම්වරු කොළඹට කැඳවයි.

Editor O

තවත් සැකකටයුතු මරණයක්

Mohamed Dilsad

Leave a Comment