දේශීය

බිත්තර ආනයනය මේ සතියේ ?

ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරීම තුළින් කුරුළු උණ වැනි රෝග තත්ත්වයන් රට තුළට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර අවස්ථා කිහිපයක දී පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.

 

එම පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට ද යම් ප්‍රමාදයක් සිදුවු බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුව ආනයනය කරනු ලබන බිත්තර රාසායනාගාර පරීක්ෂාවකට ලක් කරන අතර එම පරීක්ෂණ වාර්තාව ඉදිරිදින කිහිපය තුළ ලැබීමට නියමිතව තිබේ.

 

එම වාර්තාව ලැබුණු විගස බිත්තර ආනයනය කිරිම සිදුකරන අතර අදාළ බිත්තර තොගය ගොඩබැමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

 

බිත්තර මිලියන 2ක් මෙලෙස ඉන්දියාවේ සිට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

 

එම බිත්තර තොගය මෙම සතිය තුළ ආනයනය කිරීමට බොහෝදුරට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේය.

 

මේ අතර ඇතැම් දේශපාලඥයින් ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන් කරුංකා අපනයනය කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම නතර වී ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

 

එහි ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මෙරට කරුංකා මිලද සීඝ්‍රයෙන් අඩුවී ඇති බවය.

 

 

Related posts

අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වළකා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් සුන්දර නුවරඑළිය ආරක්ෂා කරගැනීමට පියවර

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී හෙරොයින් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment