දේශීය

තවත් සැක කටයුතු මරණයක්

ඇරෑපොළ පොලිස් වසමේ පලුවැල්ල ප්‍රදේශයේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

 

ඊයේ (05) උදෑසන කාලයේදී එම මළ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්‌තේ, 59 හැවිරිදි පලුනැල්ල, නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු රාත්‍රී මත්පැන් සාදයකට සහභාගී වී අලුයම් කාලයේ නිවසට යන බවට පවසා පැමිණ ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

ඇරෑපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

Mohamed Dilsad

කොළඹ වායු දූෂණය යළි ඉහළට

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment