දේශීය

සිසුවියකට වට්ස්ඇප් පණිවුඩ යැවූ නැටුම් සර් ගැන විමර්ශන

පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම්දී ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ නර්තන ගුරුවරයෙකු විසින් එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට සිදුකර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වාර්තාවක් ලබාගන්නා ලෙසය.

 

ශිෂ්‍යාව කිසියම් වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමේ අරමුණින් එම ගුරුවරයා මෙලෙස දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකර ඇද්දැයි යන්න සැකකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පැවසුවාය.

 

ගුරුවරයා විසින් එවන ලද එම පණිවුඩවල තිර ඡායාරූප සිසුවිය විසින් සිය මිතුරන්ට යවා තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත.

 

ඒ පිළිබඳව දැනගත් බාහිර පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට කළ දැනුම්දීමටක අනුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය මූලික විමර්ශනයක් සිදුකර තිබේ.

 

මේ පිළිබඳව ශිෂ්‍යාවගේ මව සඳහන් කරන්නේ විදුහල්පතිවරයා සිය දියණිය කාර්යාලයට ගෙන්වා බොහෝදෙනා ඉදිරිපිට ඇයගෙන් විවිධ ප්‍රශ්න ඇසීමෙන් දැරිය කම්පනයට පත්වී සිටින බවය.

Related posts

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග විවාදය සති දෙකකින්

Mohamed Dilsad

සිරිපාලගේ ”අත” ගෑස් සිලින්ඩරයට

Editor O

‘වසර අවසාන වන තෙක් ගෑස් හිගයක් නෑ’ – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment