දේශීය

වර්ජනයට සහාය දීම ගැන වෛද්‍යවරුන්ගේ තීරණය අද

‍හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවය.

 

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබේ.

 

එම වැඩවර්ජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයින් ද එක්වීම විශේෂත්වයකි.

 

වැඩවර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට නොහැකි වීම තුළින් මහජනතාවට ඇතිවන දුෂ්කරතාවලට ආණ්ඩුව වගකීම භාරගත යුතු බව වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

Related posts

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනෙන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීනවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Editor O

විගණකාධිපති තනතුර යාළුවෙක්ට…? සුරාබදු කොමසාරිස් තනතුර මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවගේ සැමියාට…? උදය ගම්මන්පිළ මේ කියන්නේ ඇත්තද…?

Editor O

Leave a Comment