දේශීය

මැතිවරණ පෙත්සම අද විභාගයට

රට තුළ ආර්ථික අර්බුදයක් මතුව ඇති බැවින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

 

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම, පසුගිය 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

කෙසේවෙතත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා මෝසමක් ගොනුකර තිබුණි.

 

එවන් පසුබිමක අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට පසුගිය 18 වනදා තීරණය කළේය.

 

ඊට අදාළ ලේඛන මේ වන විටත් මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නීතීඥවරුන් වෙත භාරදී ඇති අතර අද හෝ හෙට (21) දිනයේ අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පැවසුවේය.

 

පළාත් පාලන ආයතන මැතිවරණ සැලසුම් කර ඇති පරිදි පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබාදීම හේතුවෙන් පවතින දුෂ්කරතා පිළිබඳව මෙලෙස මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ

Mohamed Dilsad

සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය පුවත්වලට නොරැවටෙන්න – පොලිසිය

Mohamed Dilsad

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment