දේශීය

අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා

තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව අම්පිටියේ සුමනරතන හිමි පවසති.

 

උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවය.

 

තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම ඉල්ලීම ඉටුකර නොමැති බව අම්පිටියේ සුමනරතන හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

 

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය.

 

වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටය.

Related posts

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

සූවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

Mohamed Dilsad

බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment