දේශීය

විදෙස් අමාත්‍යවරු පිරිසක් ජනපති හමුවෙති

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි විදෙස් රටවල අමාත්‍යවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

 

ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරුන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අකර එහිදී 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම, ජන කොටස් අතර සහජීවනය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව තිබේ.

 

අනතුරුව ජනාධිපතිවරයා මෙරටට පැමිණි භූතාන අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර්රායි මහතා හමු වී සාකච්ඡා පවත්වනු ලැබීය.

 

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන්, පාකිස්තාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි කාර්, නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල්, මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් යන අමාත්‍යවරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

Mohamed Dilsad

ගම සමඟ පිලිසඳර ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 5 ක්

Mohamed Dilsad

ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව තුළින්ම අභියෝගයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

Leave a Comment