Trending News

අන්තරේ පාගමනට එක්වූ සිසුන් 21දෙනෙකු,පොලිසියේ 5 දෙනෙකු රෝහලේ 8 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – සයිටම් වලට එරෙහිව අද පැවැත්වු විරෝධතාවයේදී තුවාල ලැබු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මේ අතර ඊයේ පැවතී මෙම විරෝධතාවයේදී තුවාල ලැබු සිසුහු 21 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

සරසවි සිසුන් කොළඹ නගරයේ පවත්වනු ලැබු විරෝධතා පා ගමන අවස්ථාවේදී නීති විරෝධීව කටයුතු කළ සිසුන් 7 දෙනෙකු සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පා ගමනට එරෙහිව පසුගිය(16) වනදා  කොළඹ අධිකරණය විසින් පනවා තිබු වාරණ නියෝගය නොතකමින් කටයුතු කළ සිසුන් පොලිස් නිලධාරීන්ට පහරදී සාමය කඩවන ලෙස හැසිරීම වැනි ක්‍රියාවල නිරතවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Related posts

Train services along the Kelani Valley line delayed

Mohamed Dilsad

woman mauled to death by her dogs

Mohamed Dilsad

SLFP Central Working Committee to convene today to discuss Local Government Elections

Mohamed Dilsad

Leave a Comment