දේශීය

රාජ්‍ය සේවක කප්පාදුව ගැන අවසන් තීරණය

සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නැංවා ඇති බවය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

 

“සම්පුර්ණ සේවක සංඛ්‍යාව සෑම ආයතනයකම අඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියාකරගෙන යනවා. ඵලදායි නොවන සේවකයින් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකස් කරන්න. ඒක මහ භාණ්ඩාගාරය උපදෙස් දීලා තියෙනවා සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳිලා තියෙනවා. ඒ අනුව උදාහරණයක් ලෙස දුම්රියට සාමාන්‍ය කම්කරුවන් 3,000ක් බඳවා ගන්නවා. ඒ සේවකයින්ගෙන් එකම කම්කරුවෙක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නෑ. බහුකාර්ය බළකායට දැනට රජයේ සේවයට බැඳිලා ඉන්න තැනැත්තන් ඉන්නවා. සාමාන්‍ය පෙළ දක්වා ගිය හෝ සාමාන්‍ය පෙළ සමත් නොමැති අය ඒ ඒ ප්‍රදේශ අනුව අපි බඳවා ගන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ලෙස ස්ථීර සේවයට. එවිට ඔහුට දුම්රිය කම්කරුවෙක් ලෙස උසස්වීම් යනාදිය ලබාගෙන ගමන් කරන්නත් පුළුවන්. විශ්‍රාම වැටුප් සහිත සේවයකට ඔහුව යොදනවනවා. එතැනින් අලුත් රස්සා ලැබෙන්නේ නෑ දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින් තමා බොහෝ පුරප්පාඩු පුරවා ගන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයටත් එහෙමයි. මම හිතන්නේ 26,000කට වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගන්නවා. ඒ බඳවා ගන්නේ දැනට රාජ්‍ය සේවයේ තුළ සිටින අයගෙන් තමා බඳවා ගන්නේ. අතිරික්තව ඉන්න අය ස්වයං විශ්‍රාම ගන්වන්න තමා රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ. අපි යටතේ තියෙන ආයතනවලත්, මාධ්‍ය ආයතන තුළත් ස්වයං විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළ කරලා තියෙන අය යැවීම ගැන කටයුතු කරනවා.”

 

 

Related posts

COP:26 – ජනපති ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

Mohamed Dilsad

පී.සී.ආර්. කට්ටල 20,000 කට අධික සංඛ්‍යාවක් රැගත් ගුවන් යානය චීනයේ සිට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment