දේශීය

ජනවාරියේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 

එමෙන්ම මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 1,426 දෙනෙක්ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

 

ඒ අනුව, ජනවාරි මාසයේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 741 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 491 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 194 දෙනෙක් වාර්තා වී තිබේ.

 

මීට අමතරව පුත්තලම, යාපනය, මහනුවර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල ආදී දිස්ත්‍රික්ක රැසකම ගෙවුණු දින කිහිපයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ දත්ත සඳහන් කරයි.

 

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ උණ තත්ත්වයක් ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ අවම වශයෙන් රෝගය වැළඳී තුන්වන දිනට අදාළ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම ඉතා වැදගත් බවය.

 

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාම සමබන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකය (ප්‍රජා වෛද්‍ය) විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය,

 

“මේ මාසයේ අද වෙනකොට රෝගීන් 8,400කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ගිය වසරේ ජනවාරි මාසයේ 7,700කට වැඩි ප්‍රමාණයක් වාර්තාවෙලා තිබෙනවා. දැනට අපිට ඩෙංගු රෝගීන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ බස්නාහිර පළාතේ, ඒ කියන්නේ ගම්පහ, කොළඹ, කළුතර කියන ප්‍රදේශවල. පුත්තලම, කල්මුණේ සහ යාපනය කියන ප්‍රදේශවල තමයි අපිට රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ.

Related posts

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනපති පැහැදිළි කරයි

Mohamed Dilsad

ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

Editor O

අයහපත් කාලගුණය නිසා පවුල් 32 කට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment