ක්‍රීඩා

සුපිරි පිතිකරුවාගෙන් සුපිරි දස්කම්

තමාගේ 100වැනි ටෙස්ට් තරගය ට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් ශතකයක් රැස්කළේය.

 

දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු නොදැවී ශතකය ක් ලබාගෙන සිටියි.

 

තම 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනියා ඔහු වෙයි.

 

මෙම තරගයේදී වෝනර් ලකුණු 200ක් ලබාගැනීමෙන් අනතුරුව පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණි.

 

ඒ අනුව සිය 100වැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ වෝනර් ය.

 

මීට පෙර එම දස්කම දැක්වූයේ එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ය.

Related posts

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි..

Mohamed Dilsad

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඊයේ ඇති වූ සියලු සිදුවීම් මෙන්න – ඡායාරූප සහිතව

Mohamed Dilsad

BPL තරගාවලිය ලබන වසරට කල් යයි

Mohamed Dilsad

Leave a Comment