දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් හෙට (02) දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

 

සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් ඊයේ (31) සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතු වී තිබේ.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,

 

“ඊයේ දුම්රිය ගමන්වාර 44ක් අවලංගු වීමට නියමිත වුණා. මේ මොහොත වන විට ගමන්වාර 7ක් පමණ අවලංගුවීම් සිද්ධවෙලා තියෙනවා. ඒක දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. හෙට දිනයේදී මේක 60ක් 70ක් වෙන්න පුළුවන් එහෙම වුණොත් දුවන දුම්රියන්ට ධාරිතාවය දරන්න බැරි වෙයි. මගීන් ගැටුම් ඇති කරයි දුම්රිය ස්ථානවලට ඇවිල්ලා. මාසේ මුල්ම දවසේ.. අවුරුද්දේ මුල්ම දවසේ මේ තත්ත්වය උදාවෙනවා කියන එක නිෂ්චිතවම අපිට කියන්න පුළුවන්. කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය විදිහට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීමත් මේ වෙනකොට ඉටුවේලා නැහැ. ඒ වගේම දිගින් දිගටම මේ බඳවාගැනීම් පිළිබඳව දැනුම්දුන්නා. ඒවා හරියට ක්‍රියානොකරපු එකෙන් අවුරුදු එක හමාරක් අනුමැතියකින් තොරව වැඩකරපු සේවකයින් 4දෙනෙකුට ඔවුන්ගේ ගෙවීමත් නොකර ඔවුන්ව ඉවත්කරලා දාන්නට මේ ‌දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරින්න නව දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්තත් තනතුරු අනුමත කිරීම 2013න් පස්සේ සිදුවෙලා නැහැ. මේ හේතුවඋඩ මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාක ඉදිරි කාලසීමාවේදී අපිට වසාදමන්න සිදුවෙනවා. මේකට ඉදිරි සතියේදී නිවැරදි විසඳුමක් නැතිනම් අපි 09 වනදා වන විට මේ සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට එරෙහිව සියලු කාරණා මුල්කරගෙන අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා කියන එක මේ මොහොතේදී දැනුම්දෙනවා.”

Related posts

අගමැතිගේ අභියෝගය SJB භාරගනී

Mohamed Dilsad

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

දේශීය, බටහිර වෛද්‍ය රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පිළිගනී [RELEASE]

Mohamed Dilsad

Leave a Comment