දේශීය

බිත්තර ආනයනය ගැන රජයේ අවධානය

බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

මිල පාලනය සඳහා බිත්තර ආනයනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද රජයට දැඩි ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

 

අභියාචනාධිකරණය බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු බිත්තර මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.

 

ඒ අනුව, අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේය.

 

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ මිල ඉහළ යාමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ තමන් නොව අතරමැදි බිත්තර වෙළෙඳුන් බවය.

 

කෙසේවෙතත් මේ තත්ත්වයට විසඳුමක් ලෙස ලොරි රථ මගින් ගෙනැවිත් රුපියල් 55කට බිත්තර ලබාදීම සඳහා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු ව්‍යාපාරිකයින් ආරම්භ කළ වැඩසටහන අදත් ක්‍රියාත්මක වී තිබුණේ නැත.

 

මෙවන් පසුබිමක බේකරි හිමියන් පෙන්වා දුන්නේ බිත්තර ආනයනය මගින් බිත්තර මිල සෑහෙන දුරට අඩු කළ හැකි බවය.

 

පාරිභෝගික ජනතාවද අද රජයෙන් ඉල්ලා සිටියේ බිත්තර ආනයනය කර අඩු මිලට ලබා දෙන ලෙසය.

 

 

Related posts

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.

Mohamed Dilsad

බොර තෙල් මිලෙහි වෙනසක්

Mohamed Dilsad

Leave a Comment