දේශීයප්‍රමුඛ පුවත 1

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

 

අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය.

 

ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින් කැනඩාව විසින් මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා ඇත.

 

එසේම කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීම ඔවුන්ට තහනම් වෙයි.

 

යම් හෙයකින් ඔවුන්ට කැනඩාවේ යම් හෝ දේපළ ඇත්නම් ඒවා රාජසන්තක කෙරේ.

 

 

Related posts

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

රටවල් රැසකට දර්ශනවන චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වෙනිදා

Editor O

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment