දේශීය

මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලීසියට උපදෙසක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් පෝෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (23) සුහුරුපායේදී පැවැති වි‍ශේෂ සම්මන්ත්‍රණයකදී මේ බව පවසා තිබුණි.

 

මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම්, අපරාධ මර්දනය, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් වුණි.

 

මාර්ගගත ක්‍රමය ඔස්සේ ද පොලිස් ස්ථාන 250 ක නිලධාරීන් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී තිබුණි.

 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා”

 

“මම කියන්න තියෙන ටික කියනවා. සමහර OICලට සමහර පොලිස් නිලධාරීන්ට ගෙදරට මස් මාළු ටික එවනවා. එළවලු ටික එවනවා. ඒවා වහාම නවත්වන්න. ඒවා ළමයින්ට කන්න දුන්නොත් ළමයින්ටත් හරියන්නේ නැහැ. මත්ද්‍රව්‍ය විකුණන අය එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා. මම මේ සියලු දේට බුද්ධි අංශ සහාය ලබාගන්නවා.”

 

 

Related posts

කොළඹ සිට මුබ්බායි දක්වා යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්

Editor O

ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි

Mohamed Dilsad

අධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත

Editor O

Leave a Comment