දේශීය

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.

 

2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණා.

 

එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කෙරුණු අතර පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් සහ රුපියල් 50,000ක දඩයක් ද නියම කෙරුණා.

Related posts

මිනිසුන්ට එළවළු එපා වෙයි | මිල බහින්න පටන් ගනී

Mohamed Dilsad

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ

Mohamed Dilsad

රවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

Leave a Comment