දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියපු කතාව

2023 වසරේ ආර්ථික හැකිලීම 4.2% කට සිමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

 

ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 9.2% කින් හැකිළීමට ලක්ව තිබෙන බවයි ලෝක බැංකුව 2023 වසර සඳහා ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ,

 

ආහාර සහ ඉන්ධන, ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම නිසා හටගත් අර්බුදය හේතුවෙන් මෙලෙස ආර්ථිකය හැකිළීමට ලක්ව ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.

 

වර්තමානයේ රටතුළ ක්‍රියාත්මක ආර්ථික ස්ථායිකරණය කිරීමේ වැඩසටහනත් සමඟ අර්බුදයේ ප්‍රතිවිපාක සහ දරිද්‍රතාවය ඉහළ ගොස් පසුගිය දශකය තුළ රට තුළ ලැබූ වර්ධනයන් ආපසු හැරවීමට ලක්ව තිබෙන බවයි එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ.

 

2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1% වර්ධනයක් ලඟා කරගනිමින් වර්ධනීය මාවතට අවතීර්ණ වනු ඇති බවද ලෝක බැංකුව වැඩිදුරටත් පවසනවා.

Related posts

පාකිස්තාන හමුදාව සමඟ පැවැති ‘Shake Hands -1’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වේ [VIDEO]

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

Mohamed Dilsad

ඉලංකයෙි තමිල් අරුසු පක්ෂයේ නායකයා ජනාධිපති රනිල් ගැන විශ්වාසය තබයි.

Editor O

Leave a Comment