දේශීය

හොර පාරෙන් රට යන්න හදන අයට ලැබුණු අලුත්ම අනතුරු ඇඟවීම

සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි.

මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව පසුගිය 24 වැනිදා පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙක් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු ඊයේ (02) දිවයිනට පැමිණෙන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රට බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්

Mohamed Dilsad

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2.14 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment