දේශීය

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

(UTV | කොළඹ) – කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන “මේන් චිෆ් 5” මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.

එම නෞකාවේ පැමිණි මගීහු හම්බන්තොට වරායේ සිට යාල වනෝද්‍යානය, බූන්දල, උඩවලව, කතරගම, ගාල්ල සහ හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය බලා පිටත්ව ගියහ.

කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුව සංචාරක මගී නෞකාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බව වරාය කළමණාකාරිත්වය කියයි.

මෙම නෞකාවේ පැමිණි සංචාරකයන්ප්‍රවාහනය කිරීමට සංචාරක සමාගම් ‍බස් රථ යොදවා තිබූ අතර හම්බන්තොට ත්‍රී විල් රියදුරන්ට සහ වෙනත් කුඩා වාහන හිමියන්දට කෙටි ගමන් සඳහා සංචාරකයන් රැගෙන යෑමට අවස්ථාව ලබා දී තිබිණි.

ඒ අනුව හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය, යාල ජාතික උද්‍යානය වැනි ස්ථානවලට එම රථවලින් සංචාරක මගීන් රැගෙන යෑම සිදු විය.

නෞකාව අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.

Related posts

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Editor O

කොරෝනා ආසාදිතයින් ගණන තවත් වැඩි වෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment