Trending Newsවිදෙස්

චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ දොස් නගා තිබේ.

“අපි සාකච්ඡා කළ හැම දෙයක්ම ගැනම තොරතුරු පත්තරවලට දීලා, ඒක සුදුසු නැහැ.සංවාදයක් පවත්වන විදිහ ඒක නෙමේ.”පරිවර්තකයෙකු මාර්ගයෙන් ජනාධිපති ජින්පින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට පවසා ඇත.

කැනඩා ජාතිකයන් සංවාදයක් නිදහස්, විවෘත හා අවංක විය යුතු බව විශ්වාස කරන බවත් ඒ ආකාරයට තමන් දිගටම කටයුතු කරන බවත් ජනාධිපති ජින්පින් හට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.කැනඩාව සහ චීනය එක්ව ඵලදායි අයුරින් දිගටම වැඩ කිරීමට සූදානම් වුවත් කැනඩාව සහ චීනය එකඟ නොවන කරුණු තිබිය හැකි බව ටෘඩෝ පවසා ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉකුත් අඟහරුවාදා කැනේඩියානු මැතිවරණය සහ චීන මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී යුක්රේන රුසියා යුද්ධය,උතුරු කොරියාව සහ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කොට තිබේ.සාකච්ඡාව විනාඩි 10 ක සීමා වී ඇත.

Related posts

பகிஷ்கரிப்பில் ஈடுபட்ட தபால் ஊழியர்கள் மீண்டும் தொழிற்சங்க நடவடிக்கையில்

Mohamed Dilsad

Moragahakanda Hydro-Electricity Plant ready to generate electricity

Mohamed Dilsad

இலங்கை தொடர்பான அறிக்கை, இன்று வெளியிடப்படும் சாத்தியம்…

Mohamed Dilsad

Leave a Comment