දේශීය

ඉහළ ගිය පාන් මිල පහළ යන ලකුණු

(UTV | කොළඹ) – ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

ආනයනික තිරිඟු පිටි තොග අවශ්‍ය තරම් ලැබෙන්නේ නම් ලබන සතියේ සිට පාන් ඇතුළු බේකරි මිල පහත දැමීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළ දමන අගයන් දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් එය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

Related posts

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)

Mohamed Dilsad

Leave a Comment