Trending News

“පිස්සෝ කලබල වුණාට ‍දොස්තර කලබල නැහැ ”

(UTV | කොළඹ) – ප්‍රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

පුත්තලම ආරච්චිකට්ටුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඊයේ (27) මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.

ඕනෑ ම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා කීය.

විවිධ බොරු ප්‍රචාර යවා ජනතාව උසිගන්වන පිරිස් රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට පෙරට නොඑන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

විවිධ බොරු ප්‍රචාර පතුරු වන පිරිස්වලට තමාට මතක් කරදීමට ඇත්තේ, “පිස්සෝ කලබල වුණාට ‍දොස්තර කලබල නොවන බවට” ඇති පරණ කතාව බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේ ය.

Related posts

කෙහෙළියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කරයි.

Editor O

Ex-Dy. Minister Sarath Kumara Guneratne in court today

Mohamed Dilsad

பாதிக்கப்பட்ட பிரதேசங்களுக்கு விசேட வைத்தியக்குழு

Mohamed Dilsad

Leave a Comment