දේශීය

ස්වාධීන කොමිෂන් සභා අහෝසි වෙයි

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් සති දෙක දෙකක කාලයකදී පත් කරගැනීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය

ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ජාතික විගණන කොමිසම රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග යළි බලගැන්වෙන ආයතන වේ.

Related posts

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමට රජය නව වැඩපිළිවෙලක් අරඹයි

Mohamed Dilsad

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment