දේශීය

ස්වාධීන කොමිෂන් සභා අහෝසි වෙයි

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් සති දෙක දෙකක කාලයකදී පත් කරගැනීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය

ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ජාතික විගණන කොමිසම රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග යළි බලගැන්වෙන ආයතන වේ.

Related posts

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්

Editor O

ඉන්ධන හිඟයෙන් කොළඹ කුණු එකතු කිරීම නවතී

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment