දේශීයව්‍යාපාරික

“පිටි මිල අඩු වුණාට පාන්-බනිස් මිල වෙනසක් නැහැ”

(UTV | කොළඹ) – වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රු. 290 දක්වා අඩු වුව ද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.

පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාව ඇත්තේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 270ට වඩා අඩු වුවහොත් පමණක් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

බේකරි හිමියන්ට රුපියල් 300කටත් වඩා වැඩි මිලකට කළු කඩ වෙළෙඳපොළෙන් තිරිඟු පිටි මිල දී ගැනීමට සිදුවී ඇති බව ද එය රුපියල් 250ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස සහ එයට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු වුවහොත් පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය හැකි බව ද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

බේකරිවලට අවශ්‍ය තිරිඟු පිටිවලින් 50%ක ප්‍රමාණයක් සපයන තිරිඟු පිටි සමාගම් දෙක තිරිඟු පිටි මිල පහත හෙළිය යුතු බව ද පවසන ජයවර්ධන මහතා එම සමාගම් තිරිඟු පිටි මිල අඩු කරනතුරු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ද ප්‍රකාශ කරයි.

Related posts

ජනපති ඉන්දියාවට පැමිණෙයි

Mohamed Dilsad

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

Mohamed Dilsad

පිල්ලෙයාන්ට වද දෙමින් ආණ්ඩුව කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමයි – මහින්ද පතිරණ

Editor O

Leave a Comment