විදෙස්

සේවක වැඩවර්ජයෙන් ඉන්ධන අර්බුදයක්

(UTV |  ප්‍රංශය) – තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රංශයේ ඉන්ධන හිඟයක් හටගෙන තිබේ.

මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව වාර්තා වේ.

සියයට 10ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් තෙල් පිරිපහදු කම්හල්වල සේවකයින් එම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

තෙල් සමාගම් සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි නම් ඊට රජය මැදිහත්වී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රංශ අග්‍රාමාත්‍ය එලිසෙබෙත් බෝර්න් ප්‍රකාශ කර ඇත.

Related posts

ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..

Mohamed Dilsad

ජපානයේ ඔටුන්න ෆුමි හිටෝ කුමරුට

Mohamed Dilsad

Leave a Comment