දේශීය

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ නොව ප්‍රතිඵලයි

(UTV | කොළඹ) – ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම් වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කල පළාත් පාලනය සහ නායකත්වය පිළිබඳ ගෝලීය අභියෝග පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදීය.

ජනතාවට අවශ්‍යව ඇත්තේ සංකීර්ණ සැලසුම් නොව ක්ෂණිකව ප්‍රතිලාභ ලැබිය හැකි ප්‍රතිඵලයි. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සැපයීම පළාත් පාලන මට්ටමේ ජනතා නියෝජිතයින් ගේ මූලික වගකීමකි.

පළාත් පාලන මට්ටමේ තොරතුරු තාක්ෂණ දැනුම වර්තමානයේ දී අත්‍යවශ්‍යම වන අතර එය ගමට ගෙන යාම රජයේ අභිලාශයයි.

ලොව ජයග්‍රහණය කිරීමට නම් තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාම වේගවත් කළ යුතුව තිබේ.

පළාත් පාලන නියෝජිතයින් තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාම සම්බන්ධයෙන් වේගවත්ව සහ අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.

ග්‍රාමීය මට්ටමේ පාලනය රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ පටන් රටේ ස්ථාපිත වුව ද එය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. අනුරාධපුර යුගයේ පවා ග්‍රාමීය පාලන ව්‍යුහයක් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

මෙය අදට ගැළපෙන පරිදි වැඩි දියුණු කිරීමේ අභියෝගය පළාත් පාලන නියෝජිතයින් වෙත පැවරෙයි. ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සැපයීම රජය ක්‍රියාත්මක කරන සෑම වැඩපිළිවෙළකම මූලික පරමාර්ථය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

අවශ්‍ය වුවහොත් හතර වන මාත්‍රාවක් ලබාදීමට සූදානම්

Mohamed Dilsad

රියදුරු බලපත්‍රය මුද්‍රණය අද සිට හමුදාවෙන්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!

Editor O

Leave a Comment