දේශීය

මහජන සේවය හරියට නොකිරීමෙන් මහනුවර පොලිසියම මාරු කරයි

(UTV | කොළඹ) – මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා අධිකරණ කටයුතුවලට සම්බන්ධවන සැරයන්වරු දෙදෙනකු හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබෙන බව දැන ගන්නට ඇත.

හතළිහකට ආසන්න මාරු කළ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනකු සිටිති.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක එම අංශයට පැමිණ තිබෙන අතර එය සැලකිල්ලට ගනිමින් ඔහු මාරු කළ කණ්ඩායමට ඇතුළත් කර නැත.

අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් දෙදෙනා මාරු කිරීමෙන් එම වැඩකටයුතුවලට බාධා ඇතිවන බැවින් තාවකාලිකව ඔවුන් දෙදෙනාද විවිධ පැමිණිලි අංශයේම සේවය සඳහා යොදවා තිබේ.

Related posts

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

Mohamed Dilsad

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

Mohamed Dilsad

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකට සිසුන් 16ක් අත්අඩංගුවට

Editor O

Leave a Comment