ක්‍රීඩා

FIFA ලෝක කුසලාන වෙනුවෙන් කටාර් රාජ්‍යයයෙන් නව නීති

(UTV |  කටාර්) – නොවැම්බර් 20 වන දින කටාර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත FIFA ලෝක කුසලාන සදහා රටට පැමිණෙන පිරිසට නව ප්‍රවේශ ක්‍රමයක් හදුන්වා දී තිබේ.

ඒ අනුව, නොවැම්බර් 1 සිට දෙසැම්බර් 22 දක්වා ගුවන්, ගොඩබිම් සහ සමුද්‍ර දේශසීමා හරහා රටට පැමිණෙන අමුත්තන්ට සංචාරක වීසා අත්හිටුවේ. නැවත දෙසැම්බර් 23 සිට යලි වීසා ලබදීම ආරම්භ කෙරේ.

එමෙන්ම, Hayya කාඩ්පතක් (Fan ID) හිමි අයට රටට ඇතුළුවීමට අවසර ලැබෙන අතර ඔවුන්ට 2023 ජනවාරි 23 දක්වා රට තුළ රැඳී සිටිය හැකිවේ.

තවද, මෙම නියෝග වලින් නිදහස් වන පිරිස ලෙස කටාර් පුරවැසියන්, පදිංචිකරුවන් සහ කටාර් හැඳුනුම්පතක් ඇති GCC පුරවැසියන් ලෙස දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නීති රෙගුලාසිවලට අවනත වන ලෙස එරට අමාත්‍යාංශය සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

Related posts

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

Mohamed Dilsad

ලෝක කුසලාන සිහිනය බොඳ වුණු උරුගුවේ සහ බ්‍රසීලය

Mohamed Dilsad

මෙරට ඉදිකරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

Mohamed Dilsad

Leave a Comment