දේශීය

නෙළුම් කුළුණ නැරඹීමේ කාලය වෙනස් කෙරේ

(UTV | කොළඹ) – නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහ ජනතාවට වෙන් කරන කාලය වැඩි කර තිබේ.

එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසන්නේ, සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහ ජනතාවට අවස්ථාව ලැබෙන බව ය.

සති අන්තයේ උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා නෙළුම් කුළුණ නැරඹිය හැකි ය.

මේ අතර, එය නැරඹීම සඳහා මෙතෙක් පැවති රුපියල් 2,000ක ප්‍රවේශ පත්‍රය නිකුත් නොකරන අතර ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් ලෙස වෙනස් කර තිබේ.

වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අය කෙරේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිලිබඳ පොලිස් කොමිසමේ වාර්තාව අවසන්

Mohamed Dilsad

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment