දේශීය

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මකවන ලකුණු

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂයභාර අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ බව එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

ඒ අනුව අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

පාලකයා අධාර්මිකවෙලා..; අකල්වැසි ; පොළොව ගිලා බහිනවා ; තුන් බිය ඇති වෙලා…; – රෝහිණී කවිරත්න

Editor O

පළමු මාස 03 රටේ ආදායම ට්‍රිලියනයයි : වියදම ට්‍රිලියන එකහමාරයි

Editor O

Leave a Comment