දේශීය

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නෙලුම් කුළුණ හෙට සිට විවෘතයි

(UTV | කොළඹ) –  දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුළුණ ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේය.

මේ වසරේ දෙසැම්බර් 31 වන දින වන විට විවිධ උත්සව 15ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණු අතර ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

හෙට සිට නෙළුම් කුළුණ ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ.

එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බව සඳහන්ය.

Related posts

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

Mohamed Dilsad

විදුලි බිල වැඩි කිරිමට අදාළ යෝජනාව සකස් කරලා තියෙන්නේ වැරදි දත්ත මත – ජනක රත්නායක

Mohamed Dilsad

තවත් නාවිකයින් 10 දෙනෙකු රෝහල් වලින් පිටවේ

Mohamed Dilsad

Leave a Comment