දේශීය

ලෝක ආහාර වැඩසටහනෙන් පණිවුඩයක්

(UTV | කොළඹ) – දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ආහාර වැඩපිළිවෙල, අද නව වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බැවින් ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවය.

ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාව ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඊයේ කොළඹ දී (12) භාර දී තිබේ.

එම අවස්තාවේ දී අදහස් දක්වමින් විම්ලේන්ද්‍ර ශරන් මහතා පවසා ඇත්තේ ජනගහනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයට පත්ව සිටින බැවින් හදිසි ආධාර ප්‍රමාදවුවහොත් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර විය හැකි බවය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ආසන්න වාර දෙකක් බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටී ඇති අතර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය ද අඩුව ඇත.

Related posts

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

නත්තල සමග එළඹෙන දීර්ඝ නිවාඩුවට ලංගම අමතර බස් රථ සේවා

Editor O

මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාව අද සිට

Mohamed Dilsad

Leave a Comment