දේශීය

ඩී. වී. චානක රාජ්‍ය ඇමති ධුරය එපා කියයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක තමන්ට ඊයේ (08) ලැබුණු වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැති ධුරයේ දිවුරුම් දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව ඩී. වී. චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධද ජනාධිපතිවරයා ඉදිරිපිට (08) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකර මහතාය.

Related posts

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

ඉන්දියාවෙන් – ශ්‍රී ලංකාවට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

Editor O

Leave a Comment