දේශීය

තවත් පෙට්‍රල් නැවක් එයි

(UTV | කොළඹ) – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,500ක නෞකාවක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑමේ කටයුතු අද (31) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මෙම නෞකාවට කඩිනමින් මුදල් ගෙවීම සඳහා බලශක්ති අමාත්‍යංශය අදාළ පියවර ගනිමින් සිටින බව ද තෙල් සංස්ථා උසස් නිලධාරියා කියා සිටියේ ය.

මේ වන විට දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් තෙල් සංස්ථාව යටතේ පවතින ඉන්ධන හල් වෙත බෙදා හරින බව ද හෙතෙම පැවසීය.

පසුගිය දින කිහිපයේ මෙරට තුළ උග්‍ර ඩීසල් හිඟයක් පැවති අතර ඉකුත් සතියේ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක නෞකාවක් පැමිණීමත් සමග මේ වන විට ඩීසල් අර්බුදය මග හරවා ගැනීම සඳහා දෙනිකව ඩීසල් තොග මෙට්‍රික් ටොන් 5000ක් පමණ බෙදා හරින බව ද එම නිලධාරියා වැඩිදුරට ත් කියා සිටියේ ය.

Related posts

හුදෙකලාබව ඉවත් කළ ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

Editor O

Leave a Comment