විදෙස්

ෆින්ලන්ත අගමැතිනිට චෝදනා

(UTV |  ෆින්ලන්තය) – සාදයකදී බීමත්ව ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරන්නේ ඇය ප්‍රසිද්ධියේ සමාව ගෙන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර අදාළ සාදයේදී මත්ද්‍රව්‍ය භාවිත කල බවට එල්ලවන චෝදනා අගමැතිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වනවිට 36 හැවිරිදි වියෙහි පසුවන සන්නා මරින් කළක් සැළකුණේ ලොව වයසින් අඩුම රාජ්‍ය නායිකාව ලෙසයි.

ඇය 2019 දී ෆින්ලන්ත අගමැතිනිය ලෙස පත්වනවිට 34 වන වියෙහි පසුවුණා.

කෙසේවෙතත් සන්නා මරින් අවධාරණය කරන්නේ තමන් කිසිදු අවස්ථාවක නීති විරෝධී කිසිවක් සිදුකර නොමැති බවයි.

Related posts

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උග්‍ර අතට.

Mohamed Dilsad

පුටින් සිව් වන වරටත් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment