දේශීය

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට තිරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යායලය පවසයි.

ඒ අනුව මාළිගාවත්ත බස්නාහිර පලාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ බස්නාහිර පළාතේ සියලුම ප්‍රා දේශීය ලේකම් කාර්යාල වලින් සතියේ වැඩ කරන ඕනෑම දිනයකදී බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා අදායම් බලපත්‍ර ලබා ගත හැකියි.

එසේම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පලාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට හැකි බවත් එම කාර්යාලය පවසයි.

එසේම පසුගිය ජුනි (29) දා සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා 2022 අගෝස්තු මස (31) දින දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් මතුවීමේ අවදානමක් – උපුල් රෝහණ

Mohamed Dilsad

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment