දේශීය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

(UTV | කොළඹ) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (11) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

ඒ අනුව අද (12) අලුයම ගැටඹේ තොටේදී දියකැපුම් මංගල්‍යය සිදු කෙරුණු අතර දවල් පෙරහර දිවා කාලයේදී මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට නියමිතයි.

අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ විසින් පෙරහර මංගල්‍යය නිල වශයෙන් සමාප්ත කල බව දැක්වෙන සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

Related posts

පෙර පාසල් ජනවාරි ඇරඹීම ගැන තීරණයක්

Mohamed Dilsad

වී සඳහා ගොවීන්ගෙන් මිලක්

Mohamed Dilsad

අද සිට දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment