දේශීය

සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

(UTV | කොළඹ) – පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 ක් ලෙසත් රුපියල් 600ක් ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත් රුපියල් 180ක් ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 ලෙසත් රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.

Related posts

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි.

Editor O

ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට

Mohamed Dilsad

Leave a Comment