දේශීය

ජනපතිගේ ආරාධනාව සජිත් පිළිගනියි

(UTV | කොළඹ) – රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියට පිළිතුරු පිලිතුරු ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද PS/PCA/03/02 අංක දරණ 2022 ජූලි මස 29 දාතමින් යුක්ත ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම ලිපිය යොමු කර ඇත.

දැනට රට තුළ උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇති බවත් එ පක්ෂ නායකවරයා සිය ලිපිය මඟින් තවදුරටත් කරුණු දක්වා තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment