දේශීය

ජනපති නිවසට ගිනි තැබු තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට අනවසරයෙන් ඇතුළු වී ගිනිතබා දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරුවන් තිදෙනා ඊයේ (01) රාත්‍රියේ පිළියන්දල සහ නාරාහෙන්පිට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව පැවසීය.

සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන මඩපාත හා කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

අද රාත්‍රී 10 සිට CEYPETCO / IOC ඉන්ධන මිළ පහළ දමා තිබෙනවා.

Mohamed Dilsad

සීතාවකට විවෘත ඡන්දයක් ඉල්ලා, සාරාංගිකාට එරෙහිව, මන්ත්‍රීවරු අධිකරණයට යති.

Editor O

Leave a Comment