දේශීය

වසන්ත මුදලිගේ ට වරෙන්තු

(UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට සහ රත්කරව්වේ ජිනරතන හිමි ට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) වරෙන්තු නිකුත් කළේය.

ඒ, 2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදුකළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව අද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.

2021 වසරේ කොටුව ප්‍රදේශයේ සිදුකළ උද්ඝෝෂණයකදී අයුතු අවහිරයක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි කොටුව පොලීසිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළේය.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අධිකරණයේ පෙනී නොසිටියහ.

ඒ අනුව පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කළේය.

Related posts

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා පුරප්පාඩු පුරවයි

Editor O

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු යළි සේවයට

Mohamed Dilsad

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

Editor O

Leave a Comment