විදෙස්

ඉන්දියාවටත් අද අලුත් ජනාධිපතිවරයෙක්

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ නව ජනාධිපතිවරයා කවුරුන්දැයි තෝරා ගැනීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම මැතිවරණය ලෝක ඉතිහාසයේ නව පිටුවක් පෙරලූ මැතිවරණයක් වූයේ ඉන්දිය ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන ද්‍රෞපති මුර්මු, පාලක පක්ෂය විසින් අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමයි.

ඇය අද ජනාධිපති ධූරයට පත්වුවහොත් ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දිය ජනාධිපති ධූරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇති.

ඉකුත් 18 වනදා ඉන්දිය ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වුණා. අද දිනයේ මෙලෙස තෝරා ගැණෙන්නේ එරට 15 වන ජනාධිපතිවරයායි. ඉන්දියාවේ පවතින්නේ නාමික ජනාධිපති ධූරයක්.

Related posts

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

මහාතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment