දේශීය

ලංකාවේ තත්වය ගැන ඉන්දියාව කණගාටුවෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ ඉන්දියාව දැඩි ලෙස කණගාටු වන බව එරට මධ්‍යම රජය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ පැවති දැනුවත් කිරීමේ හමුවේදියි.

පක්ෂ 28 ක නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන් තත්වයක් ඉන්දියාවේ ඇතිවනු ඇති බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ වගකීම ඉටු කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබුණා.

Related posts

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රට පනින්න සැදූ තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ගෝඨාභය හෙට තායිලන්තයට

Mohamed Dilsad

Leave a Comment