දේශීය

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

(UTV | කොළඹ) – ගාලුමුවදොර මහජන අරගලය ආරම්භවී අද (17) දිනට දින 100 ක් සපිරෙනවා.

රට තුළ පැවති අර්බුදයට විරෝධය දක්වා සහ එවක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් මෙම මහජන අරගලය පැවැත් වුණා.

ජනතාව රට පුරා තැනින් තැන සිදුකළ සාමකාමී මහජන විරෝධතාවයන් එක් ස්ථානයකට ගෙන එමින් පසුගිය අප්‍රේල් මස 9 වනදා ගාලුමුවදොර දී මෙම මහජන අරගලය ආරම්භ වූ අතර එය මේ දක්වා එය අඛණ්ඩව දින 100 ක් පුරා පැවතීම විශේෂත්වයක්.

මෙම අරගලය හේතුවෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවූ අතර එහි උච්චතම අවස්ථාව සනිටුවහන් කරමින් පසුගිය ජුලි 14 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.

එසේම පසුගිය ජුලි 9 වනදා සුවිශාල ජන සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොරට රැස්වී පැවැත්වූ දැවැන්ත මහජන විරෝධතාව මෙරට එදා මෙදා තුර අති විශාල ජන සහභාගීත්වයකින් පැවැති සාමකාමීම මහජන අරගලය ලෙස ඉතිහාසයට එක් වූ අතර, එය ජාත්‍යන්තරයේද ප්‍රශංසාවට ලක්වුනා.

Related posts

UPDATE : පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

Mohamed Dilsad

බෝගම්බරින් පැනයාමට තැත්කළ සිව් දෙනෙක් අල්ලයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 283ක්

Mohamed Dilsad

Leave a Comment