දේශීය

තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරට

(UTV | කොළඹ) – තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලේ දී ඊයේ (04) රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා.

ඒ 330 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

කටුනායක ගුවන්තොටුපලෙන් තුර්කියේ ඉස්ථාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙනවිත් තිබූ බහාලුමක් ගුවන් යානයේ අංක 2ක එන්ජිමේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ගුවන්තොටුපල අවට ඊයේ රාත්‍රියේ දැඩි සුළං තත්වයක් පැවතුණා.

කෙසේ වෙතත් ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් නිසි පරිදි තිරිංග යොදා නොතිබීම හේතුවෙන් මෙම අනතුරු සිදු වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අනතුරට ලක් වූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපලේ රදවා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

චමෝදිගේ මරණය ගැන පේරාදෙණියෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

පුංචි වතුවල සේවකයනුත් රු 200 දීමනාව ඉල්ලයි….

Editor O

කෝටි 2 ක හෙරොයින් සමග සැකකරුවෙක් රාජගිරියේදී STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment