දේශීය

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ

(UTV | කොළඹ) – විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වායි ඉහළ නංවන ලෙස යෝජනා කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලය ඒ සඳහා යෝජනා කර තිබුණේ රුපියල් 430ක්.

එමෙන්ම දැනට ඒකක 1ත් 30ත් අතර රුපියල් 2යි ශත 50ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද එලෙසින්ම නිර්දේශ කර තිබෙනවා.

මේ අතර ඒකක 31ත් 60ත් අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1100කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 300ක වැඩිවීමක්.

එමෙන්ම ඒකක 31ත් 60ත් අතර දැනට රුපියල් 4යි ශත 85ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 12යි ශත 50කින් වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 10ක ගාස්තු සංශෝධනයක් පමණයි.

Related posts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට පළවනදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment